― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට අවසර

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට අවසර

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අවසර ලබාදී තිබෙනවා.

ඊයේ (13) පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. කුරුළු උණ නොමැති බවට ලද නිර්දේශ මත පදනම්ව අදාළ අවසරය හිමිව ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පැවසුවේය.

ඒ අනුව මාස දෙකක කාලයක් මෙරටට අවශ්‍ය බිත්තර ඉන්දියාවෙන් ආනයනයට අවසර හිමිව තිබෙනවා.

රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ, බේකරි කර්මාන්තය වැනි කර්මාන්ත සඳහා භාවිත කිරීමට බිත්තර අනයනය කිරීමට අවසර ලබා දුන් බවයි.