30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල්අඟුරු නෞකා දෙකට මෙතෙක් මුදල් ගෙවා නැහැ

ගල්අඟුරු නෞකා දෙකට මෙතෙක් මුදල් ගෙවා නැහැ

මෙරටට ළඟා වූ ගල්අඟුරු නෞකා දෙකකට මෙතෙක් මුදල් ගෙවීමට නොහැකි වී තිබෙනවා.

ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර සඳහන් කළේ, පසුගිය සෙනසුරාදා සහ සිකුරාදා පැමිණි නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකි වී ඇති බවයි.

මෙම නෞකා දෙකට පෙර පැමිණි නෞකාවේ ගල්අඟුරු තොග ඊයේ (13) ගොඩ බා අවසන් කර තිබෙනවා.

ගල්අඟුරු මිලදී ගැනීම වෙනුවෙන් ඊයේ (13) විදුලි බල මණ්ඩලය මුදල් ප්‍රමාණයක් ලබා දුන්න ද එය ඊට ප්‍රමාණවත් නොවන බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.