පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ගල්වඩු කර්මාන්තයේ නිරත නිෂ්පාදනකරුවන් දැඩි අපහසුතාවට ලක්ව තිබේ.
අද වන විට ගලින් නිමවන ලද වංගෙඩියක මිල රුපියල් 10,000 දක්වාත් මිරිස් ඇඹරුම් ගලක මිල රුපියල් 8,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි බද්දේගම – වැලිවිටිය – දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්වඩුවන් පවසන්නේ.
තාක්ෂණික මෙවලම් හා නිෂ්පාදන අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා මෙලෙස ඔවුන් සිය නිෂ්පාදනවල මිල ඉහළ දමා ඇත.