― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචෙක්පත් අක්‍රමිකතා නීති සංශෝධනයට විශේෂඥ කමිටුවක්

චෙක්පත් අක්‍රමිකතා නීති සංශෝධනයට විශේෂඥ කමිටුවක්

චෙක්පත් මගින් ගනු දෙනු කිරීමේදී සිදු වන වංචා, අක්‍රමිකතා සහ අතපසුවීම් හේතුවෙන් මෙරට ව්‍යාපාරික ප්‍රජාව හා සාමාන්‍ය ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් ඒ සම්බන්ධව පවතින නීති වර්තමානයට  ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සදහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂඥ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇත.

චෙක්පත් මගින් ගනු දෙනු කිරීමේදී සිදු වන වංචා, අක්‍රමිකතා සහ අතපසුවීම් සම්බන්ධ පවතින නීති සංශෝධනය කිරීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද (14) අධිකරණ අමාත්‍යාංශයේදී පැවත්විණි.

දැනට පවතින විනිමය බිල්පත් ආඥා පනත වසර 95 ක් පමණ පැරණි 1927 වසරේදී සකස් කළ පනතක් වන අතර, ඒ අනුව එම පනත  සංශෝධනය කිරීමට නියමිත අතර, විශේෂඥ කමිටුව විසින් සති දෙකක කාලයක් තුළ මේ පිළිබදව පවතින දේශිය හා ජාත්‍යන්තර නීතිමය තත්වයන් පිළිබදව අධ්‍යනය කරමින් නීති සංශෝධනය විය යුතු අකාරය පිළිබදව වාර්තාවක් සකස් කිරීමට නියමිතව තිබේ.

සිංගප්පුරුව ඉන්දියාව හා වෙනත් රටවල් විසින් මේ පිළිබදව සකස් කර ඇති නීති අධ්‍යයනය කරමින් නව නීති සකස් කිරීමට පියවර ගන්නා ලෙසත්, චෙක්පත් මගින් ගනු දෙනු කිරීමේදී සිදු වන වංචා හා අක්‍රමිකතා හේතුවෙන් සාමාන්‍ය ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව, බැංකු හා මුල්‍ය ආයතන දැඩි අපහසුතාවය පත් වන බවත්, ඒ හේතුවෙන් මෙම පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත්, මෙහිදී අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේය.