31 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඡන්දය නොපැවැත්වීමේ අදහසක් නැහැ - ඇමති බන්දුල

ඡන්දය නොපැවැත්වීමේ අදහසක් නැහැ – ඇමති බන්දුල

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් රජයට නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (14) සඳහන් කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

කෙසේ වෙතත් රටේ පවතින මුදල් තත්ත්වය පිළිබඳ භාණ්ඩාගාර ලේකම්වරයා අධිකරණයටත් කරුණු ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

පෙර පැවති රජයන් මුදල් වියදම් කර තිබෙන්නේ විදෙස් ණය ගැනීමෙන් හා මුදල් අච්චු ගැසීමෙන් වුවත්, පවතින තත්ත්වය අනුව වත්මන් රජයට එසේ කිරීමේ හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.