― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalඡන්ද අයිතිය උදුරා ගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි

ඡන්ද අයිතිය උදුරා ගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි

රටේ ජනතාව සතු ඡන්දය පිළිබඳ වූ අයිතිය උදුරා ගැනීමට දරන ඕනෑම ප්‍රයත්නයකට කොන්දේසි විරහිතව විරෝධය පළ කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සියලු බලවේග සමඟ කටයුතු කරන බව සජබෙ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

හෙතෙම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට යොමු නොවී මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ජනාධිපතිවරයා සමග ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම මුදල් ලබාදීමට නොහැකි නම් අත්හිටුවන බවට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළ බව මාධ්‍ය විසින් වාර්තා කොට තිබේ. මැතිවරණය පැවැත්වීමට මුදල් ලබා නොදෙන්නේ නම් එය පැහැදිලිම ජනතාවගේ පරමාධිපත්‍ය උදුරා ගැනීමකි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ වගකීමක් ලෙස පවරා ඇති මැතිවරණයක් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳ වූ වගන්ති උල්ලංඝනය කිරීමකි. එය ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන බරපතළ ව්‍යවස්ථා ව්‍යවස්ථා උල්ලංඝනයක් බව අවධාරණය කරමි” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.