30.6 C
Colombo
Wednesday, November 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම නවතී?

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම නවතී?

හෙට (15) තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සිදුකිරීමට නොහැකි බව මැතිවරණ කොමිසම පැවසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

අද (14) මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවේදී මේ බව දැනුම් දුන් බව ඔහු පැවසුවේ.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය මුදල් නොමැතිව සිදු කිරීමට නොහැකි බව රජයේ මුද්‍රණාලයෙන් පැවසූ බව ඔහු එහිදී අවධාරණය කළේය.

2023 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පෙබරවාරි 22, 23 සහ 24 දිනයන් වෙන් කර තිබේ.