29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපරණ කෝන්තරයකට සරම කඩා වෘෂණ කෝෂයට හානි කරලා

පරණ කෝන්තරයකට සරම කඩා වෘෂණ කෝෂයට හානි කරලා

පැරණි කොන්තරයක් ඇවිස්සීමෙන් කුපිත වූ පුද්ගලයෙකු සිය අතෙහි තිබූ තියුණූ ආයුධයකින් අනෙකාගේ වෘෂණ කෝෂය කැපීමේ පුවතක් වාර්තා වේ.

ඒ හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා ඊයේ (13) රාත්‍රියේ රෝබේරිය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

පිටමාරුව සූරියගොල්ල ගම්මානයේ පදිංචි වයස අවුරුදු 41 ක අවිවාහක පුද්ගලයෙක් මෙම සිද්ධියට මුහුණ පා ඇත. කිසියම් කටයුත්තක් සඳහා තම වත්තට ගොස් ආපසු එමින් සිටියදී රාත්‍රී 08.30 ට පමණ මග රැක සිටි තමුන් දන්නා හඳුනන පුද්ගලයෙකු විසින් සරම ගලවා අතෙහි වූ පිහියකින් වෘෂණ කෝෂය කපා තුවාල සිදු කල බව තුවාලකරු පවසා ඇත.

කැපුම් තුවාල ලැබූ පුද්ගලයා ඔහුගේ ඥාතීන් විසින් රෝහලට ඇතුළත් කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තුරුත් කිසිවෙකුත් පොලීසිය වෙත පැමිණිලි කර නොමැති අතර රෝහල මගින් පොලිසිය වෙත දැනුම් දී තිබුණි.

#aruna