― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් මැතිවරණ අපේක්ෂකයා සූදානම් කළ සංගීත සංදර්ශනය තහනම් කරයි

පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් මැතිවරණ අපේක්ෂකයා සූදානම් කළ සංගීත සංදර්ශනය තහනම් කරයි

පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් ගාල්ල නගර සභා භූමියේ අද (14) රාත්‍රියේ පැවැත්විමට සංවිධානය කරතිබූ සංගීත සංදර්ශනයක් තහනම් කිරීමට ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ගාල්ල නගර සභාවට තරග වදින අපේක්ෂකයෙකු විසින් සංගීත සංදර්ශනයක් සමඟ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන ප්‍රචාරක වැඩසටහනක් සංවිධානය කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව එය නතර කිරීමට මෙලෙස පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම උත්සවයට ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර නිකුත් නොකිරිමටත්, එම සංගීත සංදර්ශනය නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් පොලිසියට පළාත් පාලන කොමසාරිස්ට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට දැනුම්දුන් බවත් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය සඳහන් කළා.