23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPolitical"මම නියම වෙලාවට එළියට එනවා - එතකොට මොකද වෙන්නේ බලමු"

“මම නියම වෙලාවට එළියට එනවා – එතකොට මොකද වෙන්නේ බලමු”

මම අවශ්‍ය වේලාවට එළියට පැමිණෙනවා. එතකොට මොකද වෙන්නේ කියා බලමු” යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඔහුගේ නිල නිවෙසේදී පැවැති සුහද හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ “මම දැන්ම එළියට එන්න අවශ්‍ය නෑ. කොහොමටත් නියම වෙලාවට මම එළියට එනවා. එතකොට මොකද වෙන්නේ කියලා බලමු” යනුවෙනි.

ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික ජන බලවේගයට අද වනවිට ජනරැල්ලක් තියෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඔබට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඒක අභියෝගයක් නොවේදැයි මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ අවධාරණය කළේ “කොහොමත් ඉතින් ජනතා විමුක්ති පෙරමුණේ කතා අහන්න ජනතා පිරිසක් ඉන්නවා. රෝහණ විජේවීරගේ කතා අහන්න ඒ කාලේ මමත් ගියා. එයාලගේ කතා අහන්න මිනිස්සු ගියාට, එයාලට ඡන්දෙ නෑනේ. මමත් ජනතා විමුක්ති පෙරමුණේ අය කියන කතා අහන්න ආසයි. මේ පාර විතරක් නොවෙයි ගිය පාරත් ජේ.වී.පී. එකට මේ වගේ රැල්ලක් තිබුණා. ඒ වුණාට කී දෙනාද පාර්ලිමේන්තුවට ආවේ. මේ පාරත් ඒ වගේ තමයි

ඔබතුමා දැන් ක්‍රියාකාරි දේශපාලනයට එන්නේ නැත්තේ ඇයි දැයි මාධ්‍යවේදියකු ඇසූ තවත් ප්‍රශ්නයකට මහින්ද මෙලෙස උත්තරයක් දී තිබුණා.

මම දැන්මම එළියට එන්න අවශ්‍ය නෑනේ. මොකද අප තරුණ පරපුරකුත් හදලා තියෙනවා. ඒගොල්ලො මේ කටයුතු ඉදිරියට කරගෙන යන්න ඕනෑ. කොහොමටත් මම එළියට එන්නේ නියම වෙලාවට. බලමු එතකොට මොනවද වෙන්නේ කියලා.” මහින්ද තරමක දැඩි ස්වරයකින් ප්‍රකාශ කර තිබෙනවා.