― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහේස්ත්‍රාත්වරයාගේ මෝටර් රථය පැහැරගත් සැකකරු සියල්ල හෙළිකරයි

මහේස්ත්‍රාත්වරයාගේ මෝටර් රථය පැහැරගත් සැකකරු සියල්ල හෙළිකරයි

කුලියාපිටිය මහෙස්ත්‍රාත්වරයෙකුගේ නිල මෝටර් රථය කොල්ලකෑ සැකකරු එම පැහැර ගැනුණු මෝටර් රථයද සමග වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේදී අද (14) අත්අඩංගුවට ගෙන තිබුණි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කළේ මෝටර් රථය ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 5ක් ඉල්ලා මහෙස්ත්‍රාත්වරයාට ලබාදුන් ඇමතුම ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවය.

කුලියාපිටිය මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරුවරයෙකු පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ සුඛෝපභෝගි නිවසේ සිරකර නිල මෝටර් රථය ද පුද්ගලයෙකු විසින් කොල්ලකා පළාගොස් තිබුණේ ඉකුත් 11 වනදා පස්වරුවේය.

එය CCTV කැමරාවක ද සටහන්වී තිබුණි.

මහෙස්ත්‍රාත්වරයාගේ සුඛෝපභෝගි දෙමහල් නිවස කුලී පදනම මත ලබාදෙන බවට ප්‍රසිද්ධ වෙබ් අඩවියක පළකර තිබූ දැන්වීමකට අනුව නිවස බැලීම සඳහා පැමිණි ගැණුම්කරුවෙකු මහෙස්ත්‍රාත්වරයාව උඩුමහලේ සිරකර දොර වසා මෝටර් රථයද රැගෙන එලෙල පළාගොස් තිබුණි.

කෙසේවෙතත් අනතුරුව තමා සිරකර සිටි උඩු මහලේ ජනේලයකින් පිටතට පැන ඇති මහෙස්ත්‍රාත්වරයා මේ පිළිබඳ පොලීසියට දැනුම් දී තිබුණි.

පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබුණේ සැකකරු නිවස දක්වා පැමිණ ඇත්තේ කුලී ත්‍රීරෝද රථයකින් බවය.

ඒ අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදුකළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස වත්තලට ගෙන්වා ගන්නා සැකකරු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනුණි.

එහිදී සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මහෙස්ත්‍රාත්වරයාගෙන් කොල්ලකෑ මෝටර් රථය වත්තල හුනුපිටිය ප්‍රදේශයේ නවතා තිබියදී සොයාගනු ලැබීය.

අනතුරුව පොලීසිය සැකකරු නවාතැන්ගෙන සිටි හෝමාගම ප්‍රදේශයේ නිවාස සංකීර්ණය වෙත පැමිණියේය.

එම සුඛෝපභෝගී නිවසේ විවිධ ස්ථානවල සඟවා තිබූ අපරාධ සඳහා යොදාගැනුණු වායු පිස්තෝල දෙකක්, උල් පිහි 2ක්, රම්බෝ පිහියක්, පුද්ගලයින්ගේ සිහි නැතිකිරීම සඳහා භාවිත කරන විෂ දියරයක් සහිත බෝතලයක් මෙන්ම මිරිස්කුඩු අඩංගු බෑගයක් සොයාගැනුණි.

ඉකුත් ජනවාරි දෙවැනි දින මෙම සැකකරු දෙහිවල පාලම අසල සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකුට රුපියල් 500ක මුදලක් ලබාදී ඔහුගේ මියගිය මවගේ හැඳුම්පත ඉල්ලාගෙන එය උපයෝගී කරගනිමින් සිම්පතක් ලබාගෙන තිබුණි.

සැකකරු මහෙස්ත්‍රාත්වරයාට ඇමතුම දී ඇත්තේ එම සිම්පත භාවිත කරමිනි.

රුපියල් ලක්ෂ 27ක් වටිනා ඩොලර් නෝට්ටු මංකොල්ලයක්ද තමා විසින් වත්තල ප්‍රදේශයේදී සිදුකරනු ලැබූ බවත් සැකකරු ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමවලදී අනාවරණ කර තිබේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කළේ 27 හැවිරිදි සැකකරු හෙට (15) කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවය.