27.8 C
Colombo
Monday, September 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමැතිවරණ කොමිසම – පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද

මැතිවරණ කොමිසම – පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද (14) පෙරවරු 10ට දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිශන් සභාවේ සාමාජිකයින් අතර වි‍ශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

මේ අතර ‍එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සදහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබාදෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබුණි.

මැතිවරණ කොමිශන් සභාවේ සභාපති නීතීඥ නිමල්. ජී පුංචිහේවා සදහන් කළේ ඊයේ දිනයේදී ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බවත් අද උදෑසන පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්ය.