26.7 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමේක රනිල් තනියම ගහන ගේම් එකක් - මාස 06ක්වත් කල් දිය යුතුයි

මේක රනිල් තනියම ගහන ගේම් එකක් – මාස 06ක්වත් කල් දිය යුතුයි

ඡන්දය තියන්න එපා යැයි එජාපය කිසිවිටෙකත් කියන්නේ නැති බවත් ජනාධිපතිවරයාගේ පළමු යුතුකම ජනතාවගේ බඩගින්න නිවීම බවත් හිටපු අමාත්‍ය නවීන් දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ රට ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයාට තව මාස හයක්වත් දිය යුතු බවත් ඊට පසුව ඕනෑම මැතිවරණයකට යා හැකි බවත්ය.

අද තියෙන්නේ රනිල් වික්‍රමසිංහ තම දේශපාලන පන්නරයෙන් තනියම ගහන ගේම් එකක් බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ ප්‍රශ්න ගොඩක් තිබුනත් මාස 6කට පෙර තිබූ තත්ත්වයට වඩා රට හොඳ තැනකට පැමිණ තිබෙන බවයි.