25 C
Colombo
Friday, November 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුද හමුදාවේ ගිනි අවියක් ක්‍රියාත්මක වී කාන්තාවක් ජීවිතක්ෂයට

යුද හමුදාවේ ගිනි අවියක් ක්‍රියාත්මක වී කාන්තාවක් ජීවිතක්ෂයට

වනාතමුල්ල මහල් නිවාස සංකීර්ණයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය ආරක්ෂක අංශ සාමාජිකයෙක්ගේ ගිනි අවිය හදිසියේ ක්‍රියාත්මක වීමෙන් සිදු වූ වෙඩි වැදීමක් නිසා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (13) රාත්‍රී කාලයේදී බොරැල්ල පොලිස් වසමේ බේස්ලයින් මාවත හල්ගහකුඹුර ප්‍රදේශයේදී වෙඩිවැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි.

පොලීසිය පවසන්නේ යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු විසින් සැකකරුවෙකු තම භාරයට ගැනීමට යාමේදී ගිනි අවියක් ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම කාන්තාවට වෙඩි වැදී ඇති බවය.

අනතුරුව එහි සිටි පිරිස් විසින් වෙඩි වැදුණු කාන්තාව රෝහල්ගත කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇත. කාන්තාවගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බොරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.