― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරටේ ආර්ථිකයේ ස්වර්ණමය යුගය ඇති කළේ මහින්ද රාජපක්ෂ

රටේ ආර්ථිකයේ ස්වර්ණමය යුගය ඇති කළේ මහින්ද රාජපක්ෂ

අපේ රටේ ආර්ථිකයේ ස්වර්ණමය යුගය ඇති කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවත් ඒත් පක්ෂය නැති වුණ එකට වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

අපේ පක්ෂයට නම් වැරදුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෛත්‍රිපාල සිරිසේනට පක්‍ෂයේ කොඩිය අතට දීපු එක. එතුමා හිතුවක්කාර විධියට මෛත්‍රිපාලට පක්ෂය භාරදුන්නට පස්සේ තමයි පක්ෂයට මේ දේ සිද්ධ වුණේ. අපේ පක්ෂය අපිට නැති කළා. ඒකට වගකියන්න ඕන මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඇත්තටම එතුමා ගත්තු තීන්දුව වැරදියි. ඔය කාරණා විතරක් නෙවෙයි. එතුමා ඔය විදිහට ඡන්දය තියපු එකත් වැරදියි. ඒ වගේම මේ සිද්ධ වුණු කඩාගෙන වැටීමට මෙන්ම ගෝඨාභය රාජපක්ෂට හැංගිලා රටින් පනින්න වුණු එකටත් මහින්ද රාජපක්ෂ එක්තරා දුරකට වගකියන්න ඕන. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ මේ රටේ ආර්ථිකය ස්වර්ණමය යුගය ඇති කළේ එතුමා.