29.5 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද යළි ඇරඹේ

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද යළි ඇරඹේ

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතියේ දෝෂය යථාවත් කර අද (14) දිනයේ නැවත බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසයි.

පාලක ජනරාල්වරයා සඳහන් කළේ, ඊයේ (13) බලපත්‍ර ලබාගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට අද දහවල් 12 සිට බලපත්‍ර ලබාගත හැකි බවයි.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ උදෑසන 10.30 සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය බිඳ වැටීම නිසා එක්දින සේවාව යටතේ සිය විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිස් දැඩි අපහසුතාවකට පත් වුනා.

ඊයේ දිනයේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට අද දිනයේ දෙපාර්තමේන්තුවේ වියදමින් විදේශ ගමන් බලපත්‍ර තැපැල් මඟින් යැවීමට කටයුතු කරන බව ද පාලක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.