31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalසජිත්ගේ පුළුල් දැනුම් සම්භාරය ගැන බන්දුල පුදුම වෙයි

සජිත්ගේ පුළුල් දැනුම් සම්භාරය ගැන බන්දුල පුදුම වෙයි

රජය විසින් පොලී අනුපාත තීරණය කරන බවට විපක්ෂනායකවරයා කළ ප්‍රකාශය ගැන තමන් පුදුම වන බවත් විපක්ෂනායකවරයාගේ විෂයානුබද්ධ
දැනුම් අනුව එම ප්‍රකාශය කර ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ බන්දුල ගුණවර්ධන,

බැංකු පොලී අනුපාත තීරණය කිරීම රජය සතු වගකීමක් නෙමෙයි. විපක්ෂනායකතුමාගේ විෂයානුබද්ධ දැනුම අනුව එම ප්‍රකාශය කර ඇති බවත්

පොලිය දේශපාලඥයෙකුට හදන්න පුළුවන් කියලා එතුමට කල්පනා වෙනවනම් මට පුදුම හිතෙනවා එතුමා සතු පුළුල් දැනුම් සම්භාරය ගැන.

රටක බැංකු පොලී අනුපාතය තීරණය කරන්නේ මහ බැංකුව විසින්. ප්‍රතිපත්තිමය පොලී අනුපාතය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විටින් විට ප්‍රකාශයට පත්කරනවා. ඒ සඳහා කිසිම දේශපාලඥයෙකුට මැදිහත් වෙන්න බෑ” යනුවෙන් ඔහු පැවසීය.