28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසියලු රාජ්‍ය ආයතනවල ගෙවීම් ක්‍රමය වෙනස් වෙයි

සියලු රාජ්‍ය ආයතනවල ගෙවීම් ක්‍රමය වෙනස් වෙයි

රාජ්‍ය අංශයේ සියලුම ආයතනවල ගෙවීම් සහ අය කිරීම් සඳහා විද්‍යුත් ගෙවීම් පහසුකම් සැලසීම අනිවාර්ය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියමාර්ග ගන්නා ලෙස තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ තාක්ෂණ අමාත්‍යාංශයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

මහජනතාවට, රාජ්‍ය ආයතන වෙත ගොස් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල විද්‍යුත් ගෙවීම් (Electronic Payment) සිදුකිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් බොහෝ රාජ්‍ය ආයතනවල නොමැති බව හඳුනා ගෙන තිබේ.

2023 අයවැය මඟින් තාක්ෂණ අමාත්‍යාංශය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන අතර ඒඅනුව ඉදිරියේදී රාජ්‍ය අංශයේ සියලුම ගෙවීම් සහ අයකර ගැනීම් සදහා විද්‍යුත් ගෙවීම් පහසුකම සැලසීම අනිවාර්ය කෙරෙනු ඇත.