― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසේපාල් අමරසිංහ බෞද්ධ ජනතාවගෙන් සමාව ගැනීමට සැරසෙයි

සේපාල් අමරසිංහ බෞද්ධ ජනතාවගෙන් සමාව ගැනීමට සැරසෙයි

දළඳා වහන්සේට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන සේපාල් අමරසිංහ ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. මෙහිදී සේපාල් අමරසිංහ, තමා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහා නායක ස්වාමීන් වහන්සේලා, භික්ෂූන් වහන්සේලා ඇතුළු සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් සමාව අයැද සිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ අද (14) සඳහන් කළා.

එමෙන්ම කිසිඳු ආගමික හෝ වාර්ගික කොටසකගේ හැඟීම් ඇවිස්සෙන ආකාරයක ප්‍රකාශයක් මින්මතුවට සිදුනොකරන බවට ඔහු එකඟ වන බවත් නීතිඥවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත ලබන 21 වනදා කැඳවීමට නියම කළ අතර එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කරනු ලැබුවා.