බැසිල් රාජපක්ෂගේ ඇමෙරිකානු වත්කම් ලේඛනය ළඟදීම ප්රකාශයට පත් කරන බව ජාතික නිදහස් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ පැවසීය.
හෙතෙම මේ බව ප්රකාශ කළේ පසුගියදා පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමිනි.
බැසිල් රාජපක්ෂ ළඟඳීම තම දේපළ ඇති අමෙරිකාවට චුත වීමට නියමිත බව මන්ත්රීවරයා එහිදී අනාවරණය කළේය.
හෙලිකොප්ටරය මැදමුන වලව්වේ රැඳවීමට සිදු නොවන බවත් තමා ඇතුළු නිදහස් ජනතා සන්ධානයේ පිරිස් පස්ස ෙදාරින් නැවත මැදමුලන වලව්වට ඇතුළු නොවන බව ත් වීරවංශ මන්ත්රීවරයා පැවසීය.
හෙලිකොප්ටරයක් නොව ජෙට් එකක් ගෙනාව ද මැදමුලන දේශපාලනයට නැවත පණ දිය නොහැකි බවයි මන්ත්රීවරයා සඳහන් කළේ.