30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2023 එක්දින ලෝක කුසලානයට ශ්‍රී ලංකා පිලේ කිසිදු සැලසුමක් නැහැ

2023 එක්දින ලෝක කුසලානයට ශ්‍රී ලංකා පිලේ කිසිදු සැලසුමක් නැහැ

එළඹෙන 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිඳු සැලසුමක් නොමැති බවට තමන්ට පෙනීයන බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග පවසනවා.

මහනුවර ප්‍රදේශයේ දී අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

කණ්ඩායමේ සංයුතිය සැකසීමේ දී අත්දැකීම් ඇති පළපුරුදු ක්‍රීඩකයින් ද ඊට ඇතුළත් විය යුතු බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම අලුතින් පත්වන තේරීම් කමිටුව මේ පිළිබඳව කල්පනා කොට රටට සුදුසු කණ්ඩායමක් තෝරාගත යුතු බවයි අර්ජුන රණතුංග පැවසුවේ.

පසුගිය කාල වකවානු තුළ ක්‍රීඩාවේ පසුබෑමට ප්‍රධාන හේතුව ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සහ නිලධාරීන්ගේ විනය ඉතා තදින් බලපෑ බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.