26.7 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනාරක්ෂිත ළිඳකට වැටී 12 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

අනාරක්ෂිත ළිඳකට වැටී 12 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

සෙට්ටිකුලම්, නෙරියකුලම් ප්‍රදේශයේදී නිවසක් අසළ පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටී අවුරුදු 12ක් වයසැති පිරිමි දරුවෙකු මියගොස් තිබේ.

ඊයේ (14) උදෑසන කාලයේ දී එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. දරුවා නිවසේ නොමැති බව දැනගත් පියා විසින් දරුවා පිළිබඳව සොයා බැලීමේ දී නිවස අසළ පිහිටි අනාරක්ෂිත ළිඳ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි කර ඇති අතර එහිදී ළිඳ තුළට වැටී සිටි දරුවා දැක ඇත.

අනතුරුව දරුවා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.