28.4 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආණ්ඩුව ඡන්දය නොතියන්නේ සල්ලි නැති නිසා නොවෙයි ඡන්ද නැති නිසයි – ගම්මන්පිල

ආණ්ඩුව ඡන්දය නොතියන්නේ සල්ලි නැති නිසා නොවෙයි ඡන්ද නැති නිසයි – ගම්මන්පිල

ආණ්ඩුව මැතිවරණ නොපවත්වන්නේ මුදල් නොමැති නිසා නොව ඡන්ද නොමැති නිසා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ දී ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම මාමාගේ අඩි පාරේ යමින් මැතිවරණ සිතියම අකුලන්නට තීරණය කර ඇති බවත් ආණ්ඩුව මැතිවරණ නොදෙන නිසා එය ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් උදය ගම්මන්පිල සඳහන් කළේය.

මෙහි නීතිමය ගැටලුවක් ද ඇතැයි කී මන්ත්‍රීවරයා අයවැයෙන් මැතිවරණයට වෙන්කළ මුදල ලබාදීමට ආණ්ඩුවට නොහැකිවීම අයවැය පැරදුණා හා සමාන බව ද කීවේය.

අයවැය පරාජයට පත් වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බැවින් අයවැය ක්‍රියාත්මක කරන්නට නොහැකි බව ප්‍රායෝගිකව ඔප්පු කළ ආණ්ඩුව අයවැය පරාජය වුණා සේ සලකා වහාම ඉල්ලා අස්විය යුතු බව ද ගම්මන්පිල අවධාරණය කළේය.