― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඇමරිකාවේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හදිසියේම දිවයිනට

ඇමරිකාවේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හදිසියේම දිවයිනට

ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ රාජතාන්ත්‍රික නිලධාරියෙකු ඇතුළු 20 දෙනෙකුගෙන් යුතු පිරිසක් ඊයේ (14) රාත්‍රී 07ට පමණ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

මෙම පැමිණීම වෙනුවෙන් දින 03 ක පමණ කාළයක සිට කටුනායක ගුවන්තොටුපළ තුළ සහ ඒ අවට ප්‍රදේශය තුළ ආරක්ෂාව තර කර තිබූ අතර ඊයේ (14) දින පස්වරුවේ සිට මෙම ආරක්ෂාව දැඩි කර තිබූ බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

මෙම රාජතාන්ත්‍රිකයන් රැගත් ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් Boeing C – 17 A Globemaster 111 වර්ගයේ ගුවන් යානා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණීමට ඔවුන් භාවිත කර තිබූ අතර මෙම ගුවන් යානා ග්‍රීසියේ සිට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයාගෙන් විමසීමක් කළ විට ඔහු සදහන් කළේ මෙය Top Sectrat Movement එකක් බවයි.

මෙම ගුවන් යානා ඊයේ (14) දින රාත්‍රී 07.00 ට පමණ කටුනායක ගුවන්තොටුපළ වෙත ළගා වී ඇති අතර ඉන් සුළු මොහොතකට පසුව පොලිස් පෙර ගමන් රථ දෙකක් ඇතුළු වාහන 12ක රථ පෙළකින් මෙම පිරිස කොළඹ බලා රැගෙන යාමට පියවර ගෙන තිබුණා.

මෙම රථ පෙළ ගමන් ගන්නා කාලසීමාව තුළ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය වසා දැමීමට පියවර ගෙන ඇති බව ද තොරතුරු වාර්තා වනවා. මෙම ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන් පිරිස අද (15) අලුයම කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ ආපසු පිටත්ව යාමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.