― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඉදිරි යල කන්නයට අවශ්‍ය මඩ පොහොර අඩු මිලට ගොවීන්ට

ඉදිරි යල කන්නයට අවශ්‍ය මඩ පොහොර අඩු මිලට ගොවීන්ට

ඉදිරි යල කන්නයට අවශ්‍ය මඩ පොහොර, දැනට වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මිලකට ගොවීන්ට ලබා දීමට ගැසට් නිවේදනයක් මගින් කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම ගැටලු පිළිබඳ පසුගිය 13දා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක සුරේන් බටගොඩ යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ගොයම් කහ වීමේ රෝගය වැළැක්වීම, පොහොර යෙදීමේ උපාය මාර්ග සහ වී අලෙවි කිරීමේ ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ගොයම් කහවීමේ රෝගය ඇති වීමට ප්‍රධාන හේතුව ගොවීන් මඩ පොහොර භාවිතය අඩුවීම නිසා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සොයා ගෙන ඇති අතර, ඉදිරි යල කන්නයේදී මෙම රෝගය වළක්වා ගැනීමට ගතයුතු පියවර පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

කාබනික හා රසායනික පොහොර සමාගම් විවිධ මතවල සිට පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම් සිදු කරන බවත්, මේ සම්බන්ධව කටයුතු කරන විවිධ විද්වතුන් හා ආයතන එක්ව තනි මතයක සිට කටයුතු කිරීම යෝග්‍ය බවත් මෙහිදී සඳහන් කෙරිණි.

විශේෂයෙන් ඉදිරි යල කන්නයේ පොහොර භාවිතය පිළිබඳ මෙම සාකච්ඡාවේ විශේෂ අවධානය යොමු වූ අතර මහ කන්නයේ පැවති මිලට වඩා අඩු මිලකට ගොවි ජනතාවට පොහොර මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ වැදගත්කම සාගල රත්නායක මහතා විසින් පෙන්වා දෙනු ලැබීය.

මෙම සාකච්ඡාවට එක්ව සිටි පොහොර සමාගම් නියෝජිතයින් පෙන්වා දුන්නේ ගොවියාට අඩු පිරිවැයක් යටතේ නිෂ්පාදන ඉහළ නංවාගත හැකි අන්දමින් පසට යෝග්‍ය බෝග වර්ග හා සුදුසු කෘෂි යෙදවුම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා නිර්දේශ කරීමට හැකි නම් යෙදවුමට සරිලන නිමවුමක් ගොවීන්ට ලබා ගත හැකි බවයි.

පැවති අභියෝග මධ්‍යයේ වුවද දැනට වෙළෙඳ පොළ අවශ්‍යතාව ඉක්මවා හොඳ වී අස්වැන්නක් පසුගිය යල සහ මහ කන්නවලදී ලබා දීමට අපේ ගොවි ජනතාවට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

සහල් අතිරික්තයක් පවතින මෙම අවස්ථාවේ ගබඩාවල ඇති පරණ වී තොග සත්ත්ව ආහාරවලට අලෙවි කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී විමසා බැලුණු අතර එමගින් වී සඳහා ඉහළ මිලක් ලැබීම මෙන්ම වෙළෙඳ පොළේ බිත්තර හා කුකුළු මස්වල මිල පහත වැටීම සිදුවන බවත් සඳහන් විය.