28.4 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඌරගස්මංහන්දියේ වෙඩි තැබීමක් - ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට

ඌරගස්මංහන්දියේ වෙඩි තැබීමක් – ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට

ඌරගස්මංහන්දිය, හිපන්කද, නවදගල ප්‍රදේශයේ දී ඊයේ (14) සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යපාරිකයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කලුදේව පුෂ්ප කුමාර නමැති 45 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

ඔහුගේ වෙළෙඳසැළ තුළදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, සිද්ධිය සම්බධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ලබනවා.