― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඔනේෂ්ගේ මරණය ගැන තොරතුරු රැසක් එළියට

ඔනේෂ්ගේ මරණය ගැන තොරතුරු රැසක් එළියට

ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහ ඝාතනයේ වැදගත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ඔහුට අයත් ඩොලර් මිලියන 1.5ක ජීවිත රක්‍ෂණය සහ රුපියල් බිලියන ගණනක් වටිනා දේපළ ලබාගැනීමට මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඔනේෂ් සුබසිංහගේ බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇයගේ මිතුරිය වෙත චෝදනා එල්ල වී ඇති අතර බ්‍රසීලයට පළාගිය ඔහුගේ බිරිඳ මෙම දේපළ තමන් සතු කරගැනීමට නොයෙකුත් උපක්‍රම භාවිත කරමින් සිටින බවයි වාර්තා වී ඇත්තේ.

පසුගියදා ඉන්දුනීසියාවේ සුපිරි මහල් නිවාසයකදී ඔනේෂ් සුබසිංහ ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ බ්‍රසීල ජාතික බිරිඳ සහ මිතුරිය ඔනේෂ් සතුව තිබූ ක්‍රෙඩිට් කාඩ්පත්, ජංගම දුරකථන, මිලියන ගණනක් වටිනා අත්ඔරලෝසුව ඇතුළු තවත් වටිනා භාණ්ඩ රැසක් ද රැගෙන ගොස් ඇති බවයි වැඩිදුර විමර්ශනවලින් අනාවරණය වී තිබෙන්නේ.

ඔවුන් ජකාර්තාහි මහල් නිවාස සංකීර්ණයක තාවකාලික පදනමට නවාතැන් ගෙන ඇථි අතර ඔහු ව්‍යාපාර කටයුතු වෙනුවෙන් සිය කාර්යාලයේ නිලධාරීන් සමග එරට සිට වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ වී තිබුණත් ජනවාරි 31 වනදා සිට ඔවුන්ට ඔහුව සම්බන්ධ කරගැනීමට හැකිව නොමැති බව අනාවරණය වී තිබේ.

මෙවන් පසුබිමක ජකාර්තාහි මහල් නිවාස සංකීර්ණයේ සුබසිංහ සිටි නිවාසය වසා දමා තිබීම ගැන සැක සිතී එහි සේවකයින් දොර විවෘත කර බැලීමේ දී ඔහුගේ මළ සිරුර එහි තිබී සොයාගෙන තිබුණි.

නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය සීසීටීවී පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ ජනවාරි 31 වන අඟහරුවාදා ඔනේෂ් සුබසිංහ මහතාගේ බිරිඳ, සිව් හැවිරිදි දියණිය සහ මෙහෙකාර කාන්තාව එහි දොරෙහි “DON’T DISTURB” යන පුවරුව එල්ලා ඉන් පිටව යන ආකාරයයි.

ඔනේෂ් සුබසිංහ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඉන්දුනීසියාවේ විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන පවත්වයි.