― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගිලෙන මිනිස්සුන්ගේ ටියුබ් එක හිල් කරන්න අපිට ඕනේ නැහැ

ගිලෙන මිනිස්සුන්ගේ ටියුබ් එක හිල් කරන්න අපිට ඕනේ නැහැ

“අපිට අවශ්‍ය නැහැ ගිලෙන මිනිස්සුන්ගේ ටියුබ් එක හිල් කරන්න. අපි ඒ ආර්ථික වැඩපිළිවෙල පටන් ගන්නේ දූෂණය පිටුදැකීම කියන තැන ඉඳලා. එය නොකර කිසි දෙයක් කරන්න බැහැ” යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (15) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“ඊයේ දිනයේ සමගි ජනබලවේගයේ අපේ ආර්ථික මතවාදය ඉදිරිපත් කළා. ඉතාමත් පැහැදිලියි අපි අනිත් කට්ටියට වඩා වෙනස්. සමගි ජන බලවේගය විදියට අපි විශ්වාස කරන්නේ ලංකාවේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ අරගෙන සාධාරණ ලෙස ජන ජීවිතය තිරසාරව ඉස්සරහට ගොඩගන්න නම් ලංකාව ගෝලීය නිෂ්පාදන ජාලවලට එකතු වෙන්න ඕන. අපි කවුරුහරි හිතනවනම් අපිට මේ කටයුත්තට වඩා ඒ බලාපොරොත්තු වෙන සංවර්ධනය ලබාගන්න පුළුවන් කියලා රට තුළ කරන ගනුදෙනු හරහා අපි විශ්වාස කරනවා ඒක අසාර්ථකයි කියලා. මූලිකවම අපේ වැඩපිළිවෙළ තියෙන්නෙ කලින් අපේ රට පටන් ගත්තා වගේ ලෝකෙට එකතු කරන ක්‍රියාවලිය නැවත කරන්න සහ අද සීග්‍රයෙන් දියුණු වෙන රටවල් දිහා බලලා ඔවුන්ගෙන් යම් කිසි දෙයක් තියෙනවනම් ඉගෙන ගන්න ඒවා අවබෝධ කරගෙන ඩොලර් උත්පාදනය කරන ආර්ථිකයක් ගොඩ ගන්න. අපේ ප්‍රශ්නේ තියෙන්නේ රුපියල් වලට වඩා ඩොලර්වල කවුරුහරි කියනවනම් ඔය ජාත්‍යන්තර කුමන්ත්‍රණ අපට ඩොලර්වල අවශ්‍යතාවයක් නැහැ රුපියල්වලින් ගොඩගන්න පුළුවන් කියලා අපි එතැන නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ ධන උත්පාදනය කරන ආර්ථිකයක් නිර්මාණය කිරීම එයට අවශ්‍ය කාරණා අපේ ඉදිරි දැක්ම වැඩපිළිවෙළෙහි සඳහන් වෙනවා.

අපි ඒ ආර්ථික වැඩපිළිවෙල පටන් ගන්නේ දූෂණය පිටුදැකීම කියන තැන ඉඳලා. එය නොකර කිසි දෙයක් කරන්න බැහැ. ඉන්පසු ආර්ථිකය ස්ථායිකරණය කිරීම වර්ධනය දිරිගැන්වීම සමාජ සාධාරණත්වය තහවුරු කිරීම කියන මූලික පරිච්ඡේද තුන යටතේ එකෙන් එක කළ යුතු දේ අපි කියනවා එක පැත්තකින් ධනය උත්පාදනය කරන ගමන් අනිත් පැත්තෙන් මනුස්සකම ගැන කතා කරනවා. කොහොමද මිනිස්සුන්ට අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් ගොඩ ගන්නේ කොහොමද. උත්පාදනය කරන ධනය සමාජ සාධාරණත්වයෙන් බෙදීයන්නේ කොහොමද අපි කතා කරනවා. මොකක්ද මේ සුබසාධන ආර්ථිකයක් කියන එකෙන් අදහස් කරන්නේ කියලා සියලු දෙනාගේ ආර්ථික සමාජයීය සංවර්ධනය ඇතිකරගන්න රජය විසින් දිය යුතු දායකත්වය මොකක්ද කියලා මෙහි සංකලනයක් තමයි සමගි ජන බලවේගය ආර්ථික ප්‍රතිපත්තිය. ඒක ඉතාමත්ම පැහැදිලිව අපි කියනවා අපි වෙනස් වෙන්නේ අනිත් දේශපාලන විකල්ප කණ්ඩායමකට සෘජුවම කියනවා ලංකාවේ ලෝකය කොටස්කාරයෙක් වුණොත් පමණයි ජයග්‍රහණය ලබාගන්න පුළුවන් ඒ ජයග්‍රහණය පුද්ගලික අංශය විතරක් නෙමෙයි සියයට අනුවක් ඉන්නේ මධ්‍යම ව්‍යාපාරිකයෝ එහිදී වරකපොල සෝමවීර, කුඹුර කරන ජිනදාස මහත්තයා, රබර් කපන ලලනි මහත්මිය. ඔවුන් කොහොමද ගෝලීය නිෂ්පාදන ජාලයට එකතු කරගන්නේ කියන එක අපි පෙන්වා දුන්නේ. සමහරු කියනවා අපේ රට විවෘත ආර්ථිකයක් නිසා ලෝකයට විවෘතයි කියලා. අපි ඊයෙ පෙන්නලා දුන්නා අපේ රට කොච්චර සංවෘර්ත ද කියලා. කාට හරි දේශපාලන වේදිකාවේ නැගලා ආර්ථිකය විවෘතයි කියන්න පුළුවන් ඒවා ඇති වැඩක් නැහැ හැමදේම මනින ක්‍රමයක් තියෙනවා ලෝකයේ පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදයට අනුව ලංකාව විවෘත වුණා හැත්තෑ හතෙන් පටන් අරගෙන 89,90,91 කාලයේ කරපු විවෘත කිරීම් සමග ඉස්සරහට ගියා හැබැයි 94න් පස්සේ ගත්ත තීරණ නිසා ඒක බැස්සා අපි අද ඉන්නේ එක්දහස් නවසිය හැත්තෑ ගණන් වල තිබිච්ච වැසීම කට ආසන්න තැනක. අපි ලෝකෙන් අයින් වෙනකොට අනිත් කට්ටිය ඉස්සරහට යනකොට අපි පස්සට යනවා. අනිත් අය රැකියා නිර්මාණය කරනකොට අපේ රැකියා නැති වෙලා යනවා. අනිත් අය දරිද්‍රතාවයෙන් මිලියන ගණන් එලියට ගන්න කොටස අපේ රටේ දරිද්‍රතාවය වැඩි වෙනවා. අනිත් රටවල මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන කොට අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවන තත්ත්වය පහළට යනවා මේක අපි පෙන්නල දුන්නා ඒ නිසා නැවත කළ යුත්තේ මොකක්ද කියලා පුළුල් අදහසක් ඉදිරිපත් කළා අපිට අවශ්‍ය නැහැ ගිලෙන මිනිස්සුන්ගේ ටියුබ් එක හිල් කරන්න. අපි අත්දැකීම් තියෙන, ක්‍රියාවෙන් ඔප්පු කරපු අය කබීර්, ඉරාන්, මන්ත්‍රීවරුන් දේශපාලඥයෝ විතරක් නෙමෙයි මම ඇතුළු අපි ව්‍යවසායකයෝ අපිට පුළුවන් මේක කරන්න.”