25 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඡන්දෙ කල් දානවට අපි විරුද්ධයි

ඡන්දෙ කල් දානවට අපි විරුද්ධයි

මැතිවරණය කල් දැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ මැතිවරණ කොමිසම හා දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් අතර ඊයේ (14) පැවති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා කියා සිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්‍ෂණය සර්වජන ඡන්ද බලය බවත් තම පක්‍ෂය මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටින බවත්ය.

එමෙන්ම මැතිවරණයේ සියලුම වගකීම් ඉෂ්ට කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් බව පැවසූ ලේකම්වරයා අවධාරණය කළේ මැතිවරණය පැවැත්වීමට එම කොමිසම කඩිනමින් පියවර ගත යුතු බවයි.