26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජර්මන් පාර්ලිමේන්තු සාමාජික පීටර් රැම්සෝර් මහතා ජනපති හමු වෙයි

ජර්මන් පාර්ලිමේන්තු සාමාජික පීටර් රැම්සෝර් මහතා ජනපති හමු වෙයි

ජර්මන් පාර්ලිමේන්තු සාමාජික ආචාර්ය පීටර් රැම්සෝර් (Peter Ramsauer) මහතා ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.

ජර්මානු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් පීටර් රැම්සෝර් මහතා ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක නිරතව සිටි.

පීටර් රැම්සෝර් මහතාව ඉතා සුහදශීලිව පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරට අතර අතීත සබඳතා සිහිපත් කරමින් සාකච්ඡාව ආරම්භ කළේය.

ජර්මන් රජයේ සහාය ඇතිව කරාපිටිය රෝහල තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය එහිදී විමසා බැලුණු අතර ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළේ දී ජර්මනියේ තාක්ෂණික සහාය සහ ආයෝජන තවදුරටත් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම මෙරට අලි – මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සදහා ජර්මනිය හඳුන්වා දී ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ස්තුතිය පළ කළ අතර, එම ව්‍යාපෘති අධ්‍යයනය කරමින් රට තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම පිළිබඳ පීටර් රැම්සොර් මහතා සිය සතුට පළ කළේය.

මීට අමතරව ජර්මානු තාක්ෂණික විද්‍යාල හරහා මෙරට සිසුන්ට පුහුණු වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට සහාය වන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.