21.1 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeGossip"ට්විටර්හි නව ප්‍රධාන විධායක නිලධාරි" - එලෝන් මස්ක් කියයි

“ට්විටර්හි නව ප්‍රධාන විධායක නිලධාරි” – එලෝන් මස්ක් කියයි

ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් තම සුරතල් සුනඛයාගේ ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමේ දමා එය ‘ට්විටර්හි නව ප්‍රධාන විධායක නිලධාරියා’ ලෙස දක්වා තිබේ.

එලොන් මස්ක් ට්විටර් මිලදී ගැනීමත් සමඟ සමාගම තුළ දැඩි වෙනස්කම් කිහිපයක් සිදු කළ අතර ඔහු දිගටම ප්‍රධාන විධායක නිලධාරී ධුරය දැරිය යුතුද නැත්ද යනුවෙන් ඔහුගේ කෝටි 12.2 අනුගාමිකයින්ගේ මත විමසුමක් පැවැත්වීය.

ජනමත විචාරණයේ ප්‍රතිඵලය අනුව ක්‍රියා කරන බවටද ඔහු එහිදී පොරොන්දු විය.

ඒ අනුව සියයට 57.5 ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කළේ ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටයි.

ඉන්පසු එලෝන් මස්ක් පවසා තිබුණේ “ප්‍රධාන විධායක නිලධාරී තනතුරට මෝඩයෙක් හොයාගෙන මම ඉක්මනින්ම එම තනතුරෙන් ඉවත් වෙනවා” සහ “මම Software සහ server කණ්ඩායම් පමණක් මෙහෙයවන්නෙමි” යනුවෙනි.

මෙවන් පසුබිමක එලෝන් මස්ක් තම සුරතල් බල්ලාගේ ඡායාරූපයක් ට්විටර් හරහා හුවමාරු කර ඇති අතර ඔහු ට්විටර් හි නව ප්‍රධාන විධායක නිලධාරියා බවයි සඳහන් කර ඇත්තේ.