29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsටොයෝටා සමාගමේ නිර්මාතෘගේ පුත් සොයිචිරෝ ටොයොඩා දිවි ගමන නිම කරයි

ටොයෝටා සමාගමේ නිර්මාතෘගේ පුත් සොයිචිරෝ ටොයොඩා දිවි ගමන නිම කරයි

ටොයෝටා සමාගමේ නිර්මාතෘ කිචිරෝ ටොයොඩා මහතාගේ පුත් සොයිචිරෝ ටොයොඩා මහතා අභාවප්‍රාප්ත වූ බව ටොයොටා සමාගම ප්‍රකාශ කර ඇත.මියයන විට සොයිචිරෝ ටොයොඩා මහතා 97 වැනි වියේ පසුවිය.

නගෝයා විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගනිමින් 1952 වසරේදී සොයිචිරෝ ටොයොඩා මහතා ටොයොටා සමාගමේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇත.

පසුව ඔහු ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද ලබාගෙන තිබේ.

1961 වසරේ ඔහු ටොයෝටා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක ධුරයට පත් වූ අතර 1967 වසරේ දී ඔහු ජ්‍යෙෂ්ඨ කළමණාකාර අධ්‍යක්ෂක ධුරයට පත් විය.

2009 වසරේ දී ඔහු ටොයොටා සමාගමේ සභාපති ධුරයට පත් වූ අතර අභාවප්‍රාප්ත වන තෙක් එම ධුරයේ කටයුතු කළේය.

සොයිචිරෝ ටොයොඩා මහතා වත්මන් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අකියෝ ටොයොඩා මහතාගේ පියාණන් ද විය.