30 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිවි බේරගන්න බසයෙන් පැන්න තරුණයාට අත් වූ ඉරණම

දිවි බේරගන්න බසයෙන් පැන්න තරුණයාට අත් වූ ඉරණම

ඇඹිලිපිටිය – රත්නපුර මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාර්ගයේ ධාවනය වූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක් වී ඇති අතර බස් රථයේ ගමන් ගත් තරුණයා ඉන් බේරීම සඳහා පිටතට පනිද්දී බස් රථයේ රෝදයට හසු වී මියගොස් තිබේ.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 17 හැවිරිදි තරුණයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

රියදුරුට නින්ද නොයාම අනතුරට හේතුව වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.