26.7 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් රථයෙන් ඉවතට විසිවී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

බස් රථයෙන් ඉවතට විසිවී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

පල්ලේබැද්ද ප්‍රදේශයේදී බස් රථයකින් පිටතට විසිවූ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

අද (15) අලුයම පල්ලේබැද්ද කළුවරගහ වංගුව ආසන්නයේදී වන්දනා ගමනක් රැගෙන යමින් සිටි බස් රථයක් අනතුරට ලක්ව ඇත.

රියදුරුට නින්ද යාම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ කාණුවකට වැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

එහිදී බස් රථයේ එන්ජින් පෙට්ටිය මත වාඩිවී සිට ඇති මෙම පිරිමි ළමයා ඉවතට විසිවී ගොස් ඇති බව වාර්තා වෙයි.ඉන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවා පල්ලේබැද්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.ගොඩකවෙල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.