31.1 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉවතට

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉවතට

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත්කරමින් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ඊයේ (14) නිකුත් කර ඇති මෙම ගැසට් පත්‍රයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රංකොත් පේඩිගේ නොයෙල් දසන්ත ස්ටීවන් එම ධුරයේ රාජකාරි සිදු කිරීමේ දී 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 185 (1) වගන්තියේ සඳහන් වැරදි කිසිවක් සිදුකර ඇත්ත ද යන්න පරීක්ෂා කර මාස 03ක් ඇතුළත වාර්තාවක් ආණ්ඩුකාරවරයා වෙත ලබාදෙන ලෙසයි.

එම පරීක්ෂණය සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර පත්කර ඇති බවත් අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.