27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිලියන 13ක මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේ දී අල්ලයි

මිලියන 13ක මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේ දී අල්ලයි

මධ්‍යම තැපැල් හුවමාරුව තුළ ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් කළ විමර්ශනයකදී මත්ද්‍රව්‍ය සහිත පාර්සල් 15ක් සොයාගෙන තිබෙනවා.

නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරීවලදී යි මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක පිට මෙම පාර්සල් 15 පරීක්ෂණ කටයුතු සඳහා රඳවාගෙන තිබුණේ.

මෙම පාර්සල් ජර්මනිය, එංගලන්තය, කැනඩාව සහ ස්පාඤ්ඤ යන රටවල්වලින් කොළඹ, පානදුර, බොරලැස්ගමුව, පාදුක්ක හා පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙතයි එවා තිබූ බව සඳහන්.

පරීක්ෂණවලදී අදාළ ලිපිනයන් ව්‍යාජ ඒවා බව තහවුරු කර ගෙන ඇති අතර විවෘත කරන ලද පාර්සල් තුළ එක්ටසි නැමැති මෙතන්පිටමයින් අඩංගු මත් පෙති 207ක් හා කුෂ් නැමැති ගංජා ග්‍රෑම් 750ක් තිබී සොයා ගැනුණා.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 13 කට ආසන්න බව තහවුරු කරගෙන තිබෙනවා.

පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතයි.