― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරනිල් ඉන්නකන් ඡන්දෙ තියන්න වෙන්නෑ

රනිල් ඉන්නකන් ඡන්දෙ තියන්න වෙන්නෑ

තැපැල් ඡන්දය කල් තැබීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ ආණ්ඩුවේ පළමු වෙඩි මුරය බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජීවතුන් අතර සිටින තුරු මැතිවරණ නොතියනු ඇති බවත් නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (14) මැතිවරණ කොමිසමේ නිලධාරීන් හා දේශපාලන පක්‍ෂ නායකයන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමිනි.

මේ ආකාරයෙන් මැතිවරණ කල් දැමුවහොත් ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණයද නොපවත්වන බවයි ලේකම්වරයා කියා සිටියේ.

මැතිවරණ සඳහා මුදල් නැති බවට මැතිවරණ පවත්වන වගකිවයුතු ආයතන පවසනවා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජීවතුන් අතර සිටින තුරු මැතිවරණ නොතියනු ඇතැයිද ලේකම්වරයා පැවසීය.