― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරියදුරු බලපත්‍රලාභී කාන්තාවන් සංඛ්‍යාව ඉහළට

රියදුරු බලපත්‍රලාභී කාන්තාවන් සංඛ්‍යාව ඉහළට

ශ්‍රී ලංකාවේ සමස්ථ රියදුරු බලපත්‍රලාභීන් 12,700,000න් 1,122,418 කාන්තා රියදුරු බලපත්‍රලාභීන් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) පවසනවා.

එහි කොමසාරිස් වසන්ත ආරියරත්න හෙළි කළේ මෙම පිරිස අතරින් කාන්තාවන් 2082ක් බර වාහන බලපත්‍ර ලබාගෙන ඇති බවයි.

2010 වසරේ දෙසැම්බර් 31 වනදා වන විට කාන්තාවන් 23,488 දෙනෙකු සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති බව පෙන්වා දෙන කොමසාරිස්වරයා කියාසිටියේ, 2020 වසරේ දෙසැම්බර් දක්වා වසර 10ක කාලය තුළ කාන්තා අයදුම්කරුවන්ගේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

මෙම වසර 10ක කාලය තුළ කාන්තාවන් 943,749ක් රියදුරු බලපත්‍ර ලබාගෙන ඇති බව වසන්ත ආරියරත්න මහතා ප්‍රකාශ කර තිබෙනවා.