27.2 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිවිධ උපක්‍රම යොදමින් මැතිවරණය කල්දැමීම ජනතා අරගලයකට අත වැනීමක් - පාඨලී

විවිධ උපක්‍රම යොදමින් මැතිවරණය කල්දැමීම ජනතා අරගලයකට අත වැනීමක් – පාඨලී

විවිධ උපක්‍රම යොදමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල යළිත් ජනතා අරගලයකට අත වැනීමක් බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (15) පැවසීය.

මැතිවරණය කල්දැමීමට 21 වතාවක් උත්සාහ කළ රජය, 22 වෙනි අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත්, මුද්‍රණාලයාධිපතිනියත් යොදාගෙන මුදල් ලබා නොදීමේ පදනම මත මැතිවරණය කල් දැමීමේ ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙය ඉතාමත්ම භයානක ක්‍රියාවලියකට මග පාදන බව කී පාඨලී චම්පික මහතා මැතිවරණය කල් දැමීමට දරන උත්සාහයෙන් එම ජනතා පරමාධිපත්‍යයට මරු පහරක් එල්ල වී ඇතැයි ද පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.