24.5 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිංහලෙන් ආ සිතාසිය ශ්‍රීධරන් බාරගන්න බෑ කියලා

සිංහලෙන් ආ සිතාසිය ශ්‍රීධරන් බාරගන්න බෑ කියලා

යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙසට දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ට දන්වා එවන ලද ලියවිල්ල සිංහල භාෂාවෙන් තිබීම හේතුවෙන් එය බාර ගැනීමට නොහැකි බවට මන්ත්‍රීවරයා පොලීසියට දැනුම් දී තිබේ.

එම අවස්ථාවෙදී මන්ත්‍රීවරයා පවසා ඇත්තේ අදාළ සිතාසිය සිංහල භාෂාවෙන් තිබීම හෙතුවෙන් තමාට සිංහල කියවීමට නොහැකි බව යි.

පසුව පොලිස් නිලධාරීන් විසින් එය පරිවර්තනය කොට මන්ත්‍රීවරයාට ලබාදීමේදී මන්ත්‍රීවරයා පවසා ඇත්තේ සිතාසියක් හෝ අධිකරණ නියෝගයක් නිකුත් කිරීමට පොලීසියට නොහැකි බවත් තමන්ට දමිළ භාෂාවෙන් අධිකරණය මගින් ලියාපදිංචි තැපෑලෙන් සිතාසියක් ලැබෙන්නේ නම් පමණක් පිළිගන්නා බවයි.