― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅද සිට විදුලි සැපයුම අඛණ්ඩව

අද සිට විදුලි සැපයුම අඛණ්ඩව

අද දිනයේ සිට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට හැකිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ ජනවාරි මාසයේ විදුලි බිල වැඩි කිරීමට ලබාදුන් යෝජනාව ක්‍රියාත්මක වූයේ නම් එම දිනවල සිට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට හැකිවන බවයි.

එමෙන්ම අද දිනයේ සිට විදුලි උත්පාදනයට අවශ්‍ය ගල් අගුරු නැප්තා ආනයනයට අවශ්‍ය මූල්‍ය පහසුකම් බැංකු තුලින් ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර මෙවර විදුලි ගාස්තු වැඩි කරනු ලැබුවේ විදුලිබල මණ්ඩලයේ පැරණි අලාභ පියවා ගැනීමට වෙනුවෙන් බවට වන චෝදනා අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරනවා.

ඔහු අවධාරණය කළේ මෙම ගාස්තු සංශෝධනය සිදු කරන්නේ අද සිට විදුලිය උත්පාදනය කිරීමට යන වියදම ආවරණය කර ගැනීමට පමණක් බවයි.

එමගින් කිසිදු අමතර ආදායමක් විදුලිබල මණ්ඩලයට නොලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍ය කංචන විජේසේකර මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ විදුලිබල මණ්ඩලය විදුලි උත්පාදන කටයුතු වෙනුවෙන් ලබාගත් ඉන්ධන සඳහා ඛනිජතෙල් සංස්ථාවට අද උදෑසන වන විට රුපියල් බලියන 118ක් ගෙවීමට ඇති බවයි.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂම විසින් අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමඟ දුෂ්කරතාවට පත් වන පාර්ශ්වයන්ට සහන සළසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ වගකිවයුතු නිලධාරීන්ට අද (16) උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම, ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල (solar panels) ලබා දීම වැනි කටයුතු කෙරෙහි අවධානය යොමු කරන ලෙසටයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

පසුගිය ජනවාරි 05 වන දින කැබිනට් අනුමැතිය ලැබුණු ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ගාස්තු සංශෝධන යෝජනාවට ඊයේ (15) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL ) අනුමැතිය ද හිමි වුණා.