32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅධිවේගී මාර්ගයේ ගමන් ගත් ලොරියක රියදුරෙක් ජීවිතක්ෂයට

අධිවේගී මාර්ගයේ ගමන් ගත් ලොරියක රියදුරෙක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට ගමන් කරමින් තිබූ ලොරියක රියදුරෙකු මියයාම සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

අද පෙරවරු 7.30ට පමණ අධිවේ මාර්ගයේ ජංගම පොලිස් මුර සංචාර රථයේ සිටි නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත්තේ බද්දේගම පිවිසුම ආසන්නයේ කොළඹ දෙසට වන මංතීරුවේ ලොරි රථයක් ආරක්ෂිත වැටෙහි ගැටී නතර වී ඇති ආකාරයයි.

අනතුරුව පොලිස් නිලධාරීන් කළ පරීක්ෂාවේදී එහි රියදුරා සිහිසුන්ව සිටින බවට හෙළිවී තිබෙනවා.

අනතුරුව එම රියදුරා පොලිසිය විසින් බද්දේගම රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි.

ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර රන්න සිට කොළඹ දක්වා තක්කාලි තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය සහ පින්නදූව අධිවේගී මාර්ග පොලිස් මුරපොළ පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.