28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅර්තාපල් වගාවට යොදා ගනු ලබන ඉඩම් වෙනත් වැඩවලට භාවිතා නොකරන ලෙස උපදෙස්

අර්තාපල් වගාවට යොදා ගනු ලබන ඉඩම් වෙනත් වැඩවලට භාවිතා නොකරන ලෙස උපදෙස්

ශ්‍රී ලංකාවේ අර්තාපල් වගාව සදහා යොදා ගනු ලබන ඉඩම් සුවිශේෂි ඉඩම් වන හෙයින් එම ඉඩම්වල වෙනත් බෝග වර්ග වගා කිරීමට හෝ ඒවායේ ගොඩනැගිලි හා වෙනත් ඉදි කිරීම් සදහා භාවිතා නොකරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

අර්තාපල් වගාව සදහා විශේෂිත වූ ඉඩම් අප රටේ ඇත්තේ සීමිත ප්‍රදේශ කිහිපයක පමණි. එයිනුත් වැලිමඩ, නුවරඑළිය හා යාපනයේ තිබෙන ඉඩම් විශේෂ වේ.

අප රටේ අර්තාපල්වල ඇති රසය හා ගුණාත්මකභාවය නිසා ආනයනික අර්තාපල්වලට වඩා ඊට ඉහල ඉල්ලුමක් පවතී.

එමෙන්ම දැනට මෙම වගාවේ නිරත ව සිටින ගොවි ජනතාව විසින් ඉදීරපත් කර ඇති ඉල්ලිම් අනුව වෙනත් බෝග වර්ග වගා කළහොත් එම බිම්වල වෙනත් රෝග හට ගැනීමේ හැකියාවක් ද පවතී.

2023 යල කන්නයේ දී හෙක්ටෙයාර් 2700ක් හා මහ කන්නයේ දී හෙක්ටෙයාර් 1881 වශයෙන් හෙක්ටෙයාර් 4581ක අර්තාපල් වගා කිරීමට සැලසුම් කර තිබේ. එමගින් මෙට්‍රික් ටොන් 14,400ක අස්වැන්නක් අපේක්ෂිතය. එසේ වුවත් තවත් අර්තාපල් මෙට්‍රික් ටොන් 154,000ක් ආනයනය කිරීමට සිදුවේ.

අප රටේ වාර්ෂික අර්තාපල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 230,000කි.