― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඉදිරියේ දී විදුලි බිල සියයට 250කින් වැඩි වෙනවා - සජිත් ප්‍රේමදාස

ඉදිරියේ දී විදුලි බිල සියයට 250කින් වැඩි වෙනවා – සජිත් ප්‍රේමදාස

මීට පෙර තමා අනාවැකි පළ කළා සේ විදුලි බිල නැවත වැඩි වූ බවත් එය ඉදිරියේ දී සියයට 250කින් වැඩි වීමට නියමිත බවත් මේ නිසා සියලු කර්මාන්තකරුවන් ව්‍යාපාරකරුවන් සියලු දෙනාම අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (15) ගම්පොළ නගරයේ පැවැති ජන හමුවක් ඇමතීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ ආණ්ඩුව දන්නේ බඩු මිල වැඩි කිරීම, බදු බර වැඩි කිරීම, පොහොර මිල වැඩි කිරීම බවත් එබැවින් ගොවියා, ව්‍යාපාරිකයා ඇතුළු ජනතාවගේ
ජීවිත විනාශ කළ අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව පළවා හැරිය යුතු බවත් ද විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

එසේ ම එක්තරා කණ්ඩායමක් හොඳටම කළ හැකි බවට රට පුරා කියාගෙන යන බවත් 2019 දී ද හොඳටම කරනවා කියා පැමිණි පුද්ගලයා
රට විනාශ කළ බවත් එබැවින් උනුත් එකයි මුනුත් එකයි කියා චාටු බස් කිය කිය පැමිණෙන ඒ රතු පාට සමාජවාදීන් 71, 88 කාලයේ ගෙවල් ගිනි තියා, මිනි මරා, චිට් එකකින් රට පාලනය කළ යුගය කිසිසේත්ම අමතක නොකළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හොරු අල්ලනවා යැයි කියන රතු සහොදර වරු 2005 රාජපක්ෂවරු බලයට ගෙන ඒමට කටයුතු කළ බැවින් ඔවුන් අල්ලන හොරෙක් නොමැති බවත් එබැවින් 2019 මෙන් නැවතත් රැවටීමට ලක් නොවන ලෙසත් එසේ වුවහොත් රට විනාශ මුඛයට යාම වැළැක්විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.