30 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගත වූ පැය 24 තුළ ලොවපුරා ස්ථාන 32 ක භූ කම්පන

ගත වූ පැය 24 තුළ ලොවපුරා ස්ථාන 32 ක භූ කම්පන

පසුගිය පැය 24 තුළ ලොවපුරා ස්ථාන 32ක භූ කම්පන තත්ත්වයන් වාර්තා වේ.

එම භූ කම්පන මැග්නිටියුඩ් ඒකක 2.5ට වැඩි ප්‍රබලත්වයෙන් යුත් ඒවා බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ වෙබ් අඩවිය තහවුරු කළේ.

එම භූ කම්පන අතුරින් මැග්නිටියුඩ් ඒකක 6.1 ක වැඩිම ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය පිලිපීනයෙන් වාර්තා වේ.

ඉන් සිදු වූ දේපොළ හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

ඊට අමතරව මැග්නිටියුඩ් ඒකක 5ට වැඩි ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පන වාර්තාවන්නේ, නවසීලන්තය, ඇලස්කා, කොලොම්බියා, ටොංගා, බොල්වියා, ඇතුළු රටවල් කිහිපයක් ආශ්‍රිතවයි.

දරුණු ඛේදවාචකයට මුහුණ දුන් තුර්කියෙන් ද පසුගිය පැය 24 තුළ මැග්නිටියුඩ් ඒකක 4.6 ක භූ කම්පනයක් වාර්තා විය.