26.7 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජර්මනියේ රැකියාවට යන්න ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක්

ජර්මනියේ රැකියාවට යන්න ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක්

ජර්මනියේ තොරතුරු තාක්ෂණ ඉදිකිරීම් සහ සත්කාරක සේවා ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමට වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මේ යටතේ රැකියා කාණ්ඩ 43ක් පවතින බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

ජර්මනියේ මෙම රැකියා සඳහා කැමැත්තක් දක්වන රැකියා අවස්ථා ලබාදීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව වැඩසටනක් ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් මේ සඳහා ජර්මානු භාෂා ප්‍රවීණතාවය අනිවාර්ය වන බවයි කාර්යාංශය සඳහන් කළේ.

රැකියා ලබාගැනීම වෙනුවෙන් අදාළ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන්ගේ දත්ත ලේඛණයක් නිර්මාණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව හෙට (17) දිනට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ යන www.slbfe.lk වෙබ් අඩවියට පිවිස තම ජීව දත්ත පත්‍රිකා ඉදිරිපත් කරන ලෙසටයි මෙම ක්ෂේත්‍රවල රැකියා සඳහා උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දෙන්නේ.