26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 05 දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 05 දෙනෙකුට ස්ථාන මාරුවීම්

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකමගේ දැනුමි දිම පරිදි හදිසි සේවා අවශ්‍යතාවය සලකා ජාතික පොලිස් කොමිෂන් සභාවෙි ආවරණ අනුමැතියට යටත්ව ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 05 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

මෙම ස්ථාන මාරුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කිරීමටයි පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ.

ඒ අනුව, ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති යූ.පි.ඒ.ඩී.කේ.පී කරුණානායක, එම තනතුරේ සිට බස්නාහිර පළාත (රථවාහන) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබෙනවා.

බස්නාහිර පළාත (රථවාහන) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, ජී.අයි.ඩී.ආර් විජේසිංහ එම තනතුරේ සිට මාරු කර ඇත්තේ ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසයි.

එමෙන්ම, මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එල්. ඒ. යූ සරත් කුමාර එම තනතුරේ සිට බස්නාහිර පළාක (අපරාධ) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබෙනවා.

තවද, බස්නාහිර පළාත (අපරාධ) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ.ජේ.ආර් ඩයස් එම තනතුරේ සිට ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටි ඒ.එල්.යූ.එන්.පී ලියනගේ, මඩ කලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබෙනවා.