25.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතම මිණිපිරියට හදි කළ මුත්තා අත්අඩංගුවට

තම මිණිපිරියට හදි කළ මුත්තා අත්අඩංගුවට

වයස අවුරුදු 10 ක් වන තම මිණිපිරියට ලිංගික අතරව කළ බව කියන 90 වියේ පසුවන ඇගේ මුත්තෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නල්ලදරන්කට්ටුව – වෙහෙරකැලේ පදිංචිව සිටින අයෙකි.

පසුගිය 15 වැනිදා දැරිවිය තම මුත්තාට දිවා ආහාර රැගෙන තනිවම ඔහුගේ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේදී සැකකරු විසින් දැරිවියව බරපතල ලෙස අපයෝජනයට ලක් කර ඇති බව විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.

පසුව දැරිවිය විසින් මේ බව නිවසට පැමිණ තම මවට පවසා ඇති අතර අනතුරුව මව විසින් මේ සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා

සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබෙනවා.