29.5 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිදන් හෑරීමට ගිය පුද්ගලයන් 05 දෙනෙකු උපකරණ සමඟ අත්අඩංගුවට

නිදන් හෑරීමට ගිය පුද්ගලයන් 05 දෙනෙකු උපකරණ සමඟ අත්අඩංගුවට

යටියන්තොට – ගිනිකුලවත්ත ප්‍රදේශයේ පිහිටි සිරියහන්වත්ත නැමැති ඉඩමේ නිදන් හැරීමට ගිය ඇදුරෙකු සහ තවත් පුද්ගලයන් 04 දෙනෙකු යටියන්තොට පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් ඇදුරා දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, වයස අවුරුදු 42 ත් 56 ත් අතර වයසේ පසුවන අනෙත් සැකකරුවන් යටියන්තොට ප්‍රදේශයේම පදිංචි කරුවන් බව පොලිසිය පැවසුවා.

යටියන්තොට පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, නිදන් හෑරිමට උපයෝගී කරගත් උපකරණ කිහිපයක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද පෙරවරුවේ රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගකර තිබෙනවා.