25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුජිබර් රහුමාන්ගේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

මුජිබර් රහුමාන්ගේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

පළාත් පාලන ඡන්ද විමසීම බාධාවකින් තොරව පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් තරගවදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 23 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී විනිසුරු මඬුල්ල නියම කළේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා ලබන 23 වනදා කැඳවන ලෙසයි.